මට වෙච්ච අසාධාරණකම් දන්න අය විතරක් දැනගත්තම ඇති
නිම්මි ms%ho¾YkS
කොහෙද ගම ?
අනුරාධපුර.
දැනට පදිංචිය?
තලවතුගොඩ.
උපන් දිනය?
8. 20.
පාසල?
පාසල් හතරකට ගියා. හතරම කියන්නද?
කියන්න?
අනුරාධපුර සෙලෙස්තිමඩුව කනිෂ්ඨ විදුහල, කුරුණෑගල බෝගමුව මධ්‍ය මහ විද්යාලය, නාච්චදූව සිංහල මහ විද්යාලය, අනුරාධපුර නිවන්තක චේතිය මහ විද්යාලය.
ලග්නය?
කන්යා.
වෘත්තිය?
රංගනය.
රඟපෑ ටෙලි නාට්යය?
අළු පාට හීන, ඔබ කව්ද, යකඩ පහන් තිර, නිරුත්තර, සුබ උපන් දිනයක්.
වේදිකා නාට්‍ය?
විකෘති, හිම කුමරි, වලස් පවුල, එහෙත් එහෙමයි, සඳ ළඟ මරණය, ඇසළ සඳ මල්වරයි.
චිත්රපට?
සංජීව පුෂ්පකුමාරගේ ඉගිලෙන මාළුවෝ.
ඇයි නිළියක් වෙන්න හිතුණේ?
රඟපාන්න හැකියාවක් ඇති නිසා.
නිළියකට ඇති පිළිගැනීම?
හොඳට හිටියොත් හොඳ පිළිගැනීමක් තියනවා.
වැඩිපුරම ආස වේදිකාවටද? ටෙලි නාට්යයවලටද?, සිනමාවටද?
අංශ තුනටම එක වගේ කැමැතියි.
ක්ෂේත්රය ගැන මොකද කියන්න තියෙන්නේ?
මං තවමත් ඒ ගැන අධ්යනය කරනවා. ඒක නිසා යමක් කියන්න අපහසුයි.
අසාධාරණයට ලක්වෙලා තියනවද?
අපොයි ඔව්. ඒත් අපි ඒ ගැන කතා නොකර ඉඳිමු.
ඇයි?
මට වෙච්ච අසාධාරණකම් දන්න අය විතරක් දැනගත්තම ඇති.
පසුගිය දේවල් ගැන දුක් වෙන කෙනෙක්ද ඔබ?
ලැබෙන දේවල් ගැන විතරක් සිතලා සැනසෙන කෙනෙක්.
වැඩියෙන්ම සිනහ වුණු දවස?
මතක නැහැ.
ප්රවීණයන්ගෙන් ඉගෙන ගන්නවද?
මං ක්ෂේත්රයට එන්නේ යම් හැදෑරීමක් සමඟ. ඒ ඒබැවින් ප්රවීණයන්ගෙන් ඉගෙන ගන්න එක මා අනිවාර්යයෙන්ම කරනවා.
රොබින් ප්‍රනාන්දු, ජෝ අබේවික්රම, ටෝනි රණසිංහ, මේ තිදෙනාගෙන් එක් අයකු සමඟ රඟපාන්නට අවස්ථාවක් දුන්නොත් රංගනය සඳහා කාවද තෝර ගන්නේ?
ජෝ අබේවික්රම.
ඔබ ආඩම්බර චරිතයක් කියලා කවුරු හරි කිව්වොත්?
තරමක් දුරට හරි.
රඟපාන්නේ තෝරා බේරාගෙනද?
ඔව්.
හේතුව?
මං රඟපාන්නේ මට යමක් කරන්න පුළුවන් චරිත පමණයි.
ජීවිතයේ හමු වූ අමතක නොවන පුද්ගලයා?
මගේ අප්පච්චි.
රංගනයට අමතරව ඔබ සතු වෙනත් හැකියාවන්?
ගායනය.
අලුත් ගීතයක් එහෙම ගයලා තියනවද?
ඔව්. ඒක ළඟදීම අසන්නට ලැබේවි.
ජීවිතයේ ආදර්ශ පාඨය?
මගේ ජීවිතයට ආදර්ශ පාඨ අවශ්‍ය නැහැ.
මේ තාක්කල් අත්දැකීම් එකතු කොට තමන්ගේම නිර්මාණයක් කරන්න අදහසක් නැද්ද?
තියනවා. මං මේ දිනවල පිටපතක් ලියමිනුයි ඉන්නේ. අවාසනාවකට තවමත් නිෂ්පාදකවරයකු හමු වුණේ නැහැ.
ලෝකය වෙනස් කරන්න අවස්ථාවක් දුන්නොත්?
මිනිසුන් හිතන විදිහ වෙනස් කරනවා.
අමතක නොවන සිහිනය?
උදේ නැගිටිද්දී හීන අමතකයි.
කැමැතිම ආහාරය?
පළතුරු.
ඔබව ලස්සනයි කියලා නිතර වර්ණනා කරන කෙනෙක්?
මගේ අම්මා.
ගෙදර තොරතුරු?
අප්පච්චි ජීවතුන් අතර නැහැ. අම්මයි, අයියල දෙන්නයි, අක්කයි.
ඔබව කෙටියෙන් හැඳින්නුවොත්?
හරිම ආදරණීය කෙනෙක්.
ලිපිනය?
420/12 ඕ, වැලි පාර, තලවතුගොඩ.

No comments:
Post a Comment