මා ප්රසාද් දෙස බැලුවේ
රාත්රියට සැහැල්ලු ආහාරයක්
ගුවන් විදුලියෙන් ඈතින් ඇසෙන අමරසිරි පීරිස්ගේ ගීතයක හඬ මුළු පරිසරය පුරාම විහිදිලා.
‘හන්තානෙට පායන සඳ
ලස්සනයි ද බලන්න
මා නොදකින ඒ පුරහඳ
ඔබට හැකිය දකින්න’
මා ප්රසාද් දෙස බැලුවේ ඒ සොඳුරු ගීතය ඇහෙන්නේ තව මොහොතකින් අප පා තබන්නට යන නිවෙසින් නේද කියන හැඟීමෙන්.
ඔහු ඉදිරිය බලාගෙන ඒ ගීතය හෙමින් මුමුණ මුමුණ මා දෙස බැලුවේ මගේ අදහස අනුමත කරන්නට වගේ. විවෘත කරන ලද ගේට්ටුව ඇරුගෙන අප ඒ නිවෙසට ඇතුළු වුණා.
‘අම්මා කැමැතිම සින්දුවක් අහනවා. චුට්ටක් ඉන්නවද?’
දූ සිඟිත්තිය අපව පිළිගත්තා. තවත් නිමේෂයකින් සේමිණි ඉද්දමල්ගොඩ ඉහළ මාලයෙන් මතු වුණා.
‘ඒ සින්දුව කොයි තරම් ඇහුවත් ඇති වෙන්නේ නෑ.’
ඈ කිව්වේ සිනහ වෙවී. දූ කුමලි අම්මට තුරුලු වුණා.
‘මේ පේනවනේ හුරතලේ. මම ගෙදර ඉන්න කොට මගේ ළඟින් හෙල්ලෙන්නේ නෑ.’
සේමිණි කිව්වේ කුමලිව ඇගේ උණුසුමට තුරුලු කර ගන්නා ගමන්මයි.
‘අද ඉස්කෝලේ නෑ වගේ.’
‘මේ දවස් ටික දුවටත් නිවාඩු. මටත් නිවාඩු. ඒක නිසා අපි දෙන්නා විවේක සුවයෙන් කාලය ගත කරනවා.’
සේමිණිගේ සැහැල්ලු සිනා හඬ මුළු නිවෙසටම ආලෝකයක්.
‘ඉතිං පැටියො දැන් ඔයා අර චිත්රය අඳින්න ගන්න. අම්ම මේ කතාව ඉවර වෙලා ඔයාගේ චිත්රය බලන්න එන්නම්.’
පූස් පැටියෙක් වගේ උණුසුමට තුරුලු වෙලා ඉන්න කුමලිට වැඩක් පැවරූ සේමිණි සුව පහසු අසුනේ හරිබරි ගැසුණේ දිගු කතාබහකට මුල පුරන්න වගෙයි.
‘ඉතිං’
‘ජීවිතය සුන්දරයි’
ගේ කිරිල්ලි එහෙම කියන කොට මම වටපිට බැලවේ ඒ සුන්දරත්වයෙන් සපිරි කැදැල්ලේ ගේ කුරුල්ලා කොහෙන් මතු වේදෝ කියන හැඟීමෙන්.
‘ධම්මික නම් අද ගෙදර නෑ. එයා ඉතිං වැඩ ගොඩක් එක්ක ඉන්න නිසා හරිම කාර්ය බහුලයි. හරිම අහම්බෙන් තමයි ගෙදරටම වෙලා ඉන්නේ. ජීවිතය සුන්දරව ගෙවෙනවා. ආපස්සට හැරෙද්දී මම මෙතෙක් පසුතැවෙන දෙයක් කරලා නැහැ. කරපු හොඳ නරක හැම දෙයක්ම කළේ හොඳට දැනුවත්වයි. නොදැන කරා නෙමෙයි. දුක් වෙන්න දෙයක් මෙතෙක් කාලයකට වෙලා නැහැ. ඉස්සරහට මොනවා වේවි ද කියලා කියන්න නම් බැහැ, ධම්මිකගේ ජීවිතය පිළිබඳ අහන්නට මත්තෙන් සේමිණි පිළිතුරු බැන්දා.
‘සමහර දවස්වල මම හරිම අවිවේකියි. එතකොට දූගේ වැඩ කටයුතු වගේම ගෙදර දොර කටයුතුත් සොය බලන්නේ ධම්මික තමයි. කුමලිව පාසල් එක් කරගෙන යන්නෙ එන්නෙ වගේම පාඩම් වැඩ කටයුතුත් හොයා බලන්නේ ධම්මික තමයි. ඒ නිසා නියැලිලා ඉන්න කාර්යයේ හොඳින් නියැලෙන්න අවශ්ය මානසික පසුබිම මට තිබෙනවා. ඔහු කාර්යබහුල දවස්වල මම ඉන්නේ විවේකයෙන්. ඉන් පස්සේ ගෙදර දොර වගේම දුවගේ කටයුතුත් බාර ගන්නේ මමයි.
ඒ විදිහට කාලය බෙදාගෙන වැඩ කටයුතු කරන කොට අපි දෙන්නටම පහසුයි. තුන් දෙනාම ගෙදර ඉන්න දවස්වල වෙනසකටත් එක්ක එළියට ගිහින් විනෝද වෙන්න අපි අමතක කරන්නේ නැහැ. ඇයි ඒ විතරක්ද? මගේ හිතට හිතෙන කෑමක් හදන්නෙත් මෙන්න මේ දවස්වලදි තමයි. නිතරම වගේ මගේ අත් දෙකෙන් උයන්නෙ නැති වුණත් ඉඳලා හිටලා කෑමක් හදන්න මම අමතක කරන්නේ නැහැ. එතකොට ඉතිං ගෙදර අයගෙන් ප්රතිචාර ගොඩයි.’
ගමේ කෑමවලට කැමැති සේමිණිගේ නොසැලකිල්ල නිසාදෝ ඈ තර වෙලා.
‘ඒක ඇත්තද?’
‘මට කොහොමත් උදේට, දවල්ට බත් කන්න ඕනමයි. රාත්රියට නම් කන්නෙ සැහැල්ලු ආහාරයක්. මම කෑම පිළිබඳ විශේෂ අවධානයක් යොමු කරන්නෙ නෑ. කෑවත් කන්නේ බොහොම ටිකයි. ඒ ටික මට සෑහෙනවා. කෙට්ටු වෙන්න ඕන චරිතයක් තිබුණොත් ඒ සඳහා අවශ්ය විදියට කෑම අඩු කරලා ඇඟ හදා ගන්න මට පුළුවන්.’
ඒ විතරක් නෙමෙයි. හොඳට කෑම උයන්නත් සේමිණිට පුළුවන්. සේමිණි උයන පොළොස් ඇඹුල වගේම කොස් වෑංජනය හරිම රසයි කියලා ආරංචියි.
‘සේමිණි මේ තරම්ම රසවත් පොළොස් ව්යංජනය හදන්නේ කොහොමද?’
අප ඇගෙන් ඇහුවා.
‘ඒක නම් රහසක්. ඒත් ඉතිං ඇහුවාට පස්සේ නොකියත් බෑ. මුලින්ම මම කරන්නේ පොළොස් ගෙඩිය තරමක කැබැලිවලට කපලා ගන්න එකයි. තෙල් ටිකක් ලිපේ තියලා ඒකට සුදුළූණු, කරපිංචා, රම්පෙ, ලූණු ටික දමනවා.
ඊට ටිකකට පස්සේ මිරිස් කුඩු වගේම තුනපහ කුඩුත් දමනවා. රන්වන් පාටට බැඳෙන කොට කපා ගත් පොළොස් කැබලි ටික දමා තරමක් වෙලාවක් තිබුණට පස්සේ ඊට මිටි කිරි ටික දමනවා. තෙල් ටික ලිප තැබීමේදී දමන තෙල් ප්රමාණය පිළිබඳ සැලකිලිමත් වෙන්න ඕනෑ. මොකද පොල් කිරිවලත් තෙල් තිබෙන නිසයි.’
සේමිණිගේ ක්රමයට පොළොස් වෑංජනයක් උයන්න කැමැති ඔබට අනඟි අවස්ථාවක් උදා වෙලා.
මේ කතාබහ අතරතුර අපගේ දෙනෙත් යොමු වුණේ විසිත්ත කාමරයේ තිබුණු ටෙලිවිෂනයේ තිරය මතටයි. එහි ඉංග්රිසි චිත්රපටයක් විකාශය වෙනවා.
‘මේ දවස්වල මම චිත්රපට නරඹනවා. රංගන ශිල්පිනියක් විදිහට ඒ චරිත අධ්යයනය කරන කොට අපට ඉගෙන ගන්න දේ බොහොමයි. එකම නළුවා චිත්රපට කිහිපයක රඟපාන අවස්ථාවල ඔවුන්ගේ චරිතවල තිබෙන වෙනස්කම් හරිම අපූරුයි.’
‘අම්මේ . . . මම චිත්රය ඇඳලා ඉවරයි.’
කුමලිගේ හඬ පැතිර තිබුණු නිහඬතාවය බින්දා. කුමලි ඇගේ සිතුවම අරගෙන පහළට ආවේ හරිම ආඩම්බරයෙන්.
‘අපූරු චිත්රයක්’
දුටු මගේ සිතට පිවිසුණ හැඟීම වචනවලට නඟමින්ම කුමලිටත්, සේමිණිටත් අප සමු දුන්නා.
සේයාරූ - ප්රසාද් සමරතුංග
තිලානි ශානිකා විතානාච්චි

No comments:
Post a Comment